ගාලු කොටුව

 









පෘතුගීසීන් වර්ෂ 1505 දී මෙරටට පැමිණයහ. ඔවූහු පළමු වරට ගොඩ බැස්සේ ගාල්ලටය. පෘතුගීසීන් විසින් ආරක්ෂිත කොටු වැටකින් වෙන් කරන ලද භූමි ප්‍රදේශයේ පසුව ගාලු කොටුව ඉදිවිණි. ගාලු කොටු නගරය ලෙසින් හැඳින්වුවත් මෙය බල කොටුවකි. වර්ෂ 1619 දී පෘතුගීසීන් විසින් ඉදිකරන ලද ගාලු කොටුව වර්ෂ 1640 දී ලන්දේසීන් යටතට පත්විණි. ඉන්පසු මෙම බලකොටුව වැඩි දියුණු කරන ලද්දේ ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය. මෙහි ඇති ගොඩනැගිලිවල උසින් හා පළලින් යුතු කබොක් ගලින් තැනූ බිත්ති, ආරැක්කු, සොල්දර, අසින් යුතු දොර ජනෙල් දන්කට පුළුවන. මුල දි අඩි 18ක් වූ දිය අගල් ලන්දේසීන් විසින් අඩි 30 දක්වා පුළුල් කර ඇති  අතර දිය අගලට පිටතින් හා කොටු බැම්මට  ඇතුළතින් ගරාදි වැටක් තිබූ බව පැවසේ. පහළ කොටු බැම්ම තුළින් මුර අට්ටාල තුනටම පිවිසීමට හැකි වන සේ තැනූ උමගකි. කාලතුවක්කු මධ්‍යස්ථානය, කොඩි ගස සහිත අට්ටාලය හා විශාල බඩු ගබඩාවක් ද මෙහි වේ.  කොටුව තුළට ප්‍රවේශ වීමට ඇත්තේ ද මේ ඔස්සේය. ගාලු කොටුවේ ප්‍රධාන දොරටුව අර්ධ කවාකාරව කළු ගලින් නිමවා ඇත. අක්කර 92ක වපසරියකින් යුතු ගාලු කොටුව යුනෙස්කෝ ලෝක උරැමයක් ලෙස නම් කර තිබේ.

No comments