බලන බලකොටුව
මහනුවර සෙංකඩගල රජකම් කළ දෙවැනි රාජසිංහ රජු සමයේ ඉදිකරන ලද මෙම බල කොටුව දීර්ඝ කාලයක් විදේශීය ආක්‍රමණවලින් රට ආරක්ෂා කර ගැනීමට වැදගත් වූ ස්ථානයක් විය. බලන කොටුව පිහිටා ඇත්තේ යටිනුවර කඳු පන්තියට අයත් මධ්‍යම පළාතෙන් සතර කෝරලය වෙන් කෙරෙන කඳු වැටියේ වයඹ බෑවුමේය. ඉහළ හා පහළ බලකොටු දෙකක් පමණ තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. බලකොටුවේ උතුරැ දෙසින් අඩි 80ක් දිගින් හා අඩි 11ක් පළලින් යුතු කළුගල් බිත්තියක් මෙහි දැකිය හැකිය. බලකොටුවේ බටහිර දෙසින් මුර අට්ටාල දෙකක් පමණ තිබෙන්නට ඇත. එකල මාමුඩාවෙල, රත්මීමල සහ කඳන්ගම ජනයා මෙහි රාජකාරියේ යෙදුණු බව පැවසේ.
Post a Comment