කල්පිටිය ඕලන්ද බලකොටුව
පෘතුගීසීන්ගේ පාලනයට නතුව තිබූ කල්පිටිය ප්‍රදේශය වර්ෂ 1644 දී ලන්දේසීන් යටතට පත්විණි. අනතුරුව වැදගත් වෙළෙඳ නගරයක් වු කල්පිටිය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ලන්දේසින් විසින් නැවත ගොඩනගන ලදී. මෙම වෙළඳ නගරයේ ආරක්ෂාව සඳහා වර්ෂ 1606 දී කල්පිටිය බලකොටුව ඉදි කර ඇත. ගලින් නිමවා ඇති මෙම බලකොටුවේ ප්‍රවේශ දොරටුව ආරැක්කු හැඩයෙන් යුක්ත වේ. එම දොරටුවෙන් ඇතුළු වූ විට මැද මිදුලකට පිවිසේ. එහි එක් පසක සේවා නිවාස ඉදිකර තිබේ. 18 වැනි සියවසේ අවසාන කාල සීමාව වන විට ඉන්දියන් සාගරයේ බලය ලන්දේසීන්ගෙන් ගිලිහී ඉංග්‍රීසින් අතට පත්විණි. වර්ෂ 1795 දී නාගපට්ටම් සිට පැමිණි ඉංග්‍රීසි හමුදා කල්පිටිය වෙරළ ආසන්නයේ රැකවල්ලා සිටියහ. එයින් අනතුරැව ලන්දේසි ආණ්ඩුකාරයාගේ උපදෙස් පරිදි මෙම බලකොටුව ඉංග්‍රීසි හමුදා වෙත භාර දෙන ලදී.
Post a Comment