මැණික්කඩවර පෘතුගීසි බලකොටුව
ඉංග්‍රීසීන්ට සීතාවක බලකොටුව තරමටම පෘතුගීසීන්ට වැදගත් වූ බලකොටුවක් වූයේ නම් එය මැණික්කඩවර බලකොටුවයි. දැදිගමට සැතපුම් දෙකක් පමණ ඔබ්බෙන් මෙම බලකොටුව පිහිටුවා තිබේ. කන්ද උඩරට රාජධානියේ රජ බවට පැමිණ සිටි පළමු වැනි විමලධර්මසූරිය රජුට එරෙහිව සටන් කිරීමේ දී කන්ද උඩරට රාජධානියට සමීපයේ මැණික්කඩවර බලකොටුවක් පිහිටුවා ගැනීම පෘතුගීසීනට වාසි සහගත විය. මෙය වර්ෂ 1598 දී පෘතුගීසි හමුදා ජනරාල්වරයකු ජෙරනිමෝදු අසවේදුගේ ප්‍රධානත්වයෙන් ගොඩනගන ලදී. මැණික්කඩවර බලකොටුව අලව්ව, පිටගල්දෙනිය, බිසෝවෙල, කන්නත්තොට සහ කොළඹ රට අභ්‍යන්තරයට විහිදෙන මාර්ගය හා ගංගා සන්නිවේදනයට වැදගත් වූ බලන කොටුව ද මෙම මැණික් කඩවර බලකොටුව යටතේ ක්‍රියාත්මක විය. මණ්ඩල මාලයක් සේ විහිද ගිය කඳු පේළියකින් වට වූ මෙම බලකොටුවේ ප්‍රාකාර බැම්ම ගඩොලින් ඉදිකර තිබේ. සැම කපොල්ලකම මුර අට්ටාල ඉදිකර තිබී ඇත. අද අපට දක්නට ලැබෙන්නේ මෙම බලකොටුවේ ශේෂ වී ගිය කොටස් පමණි. මෙම බලකොටුවෙන් හමුවූ පෘතුගීසි ලාංඡනය සහිත ගල් පුවරුව කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇත.
Post a Comment