මාතර ලන්දේසි බලකොටුව

 



නිල්වලා ගඟේ ගං මෝයත් කලපුව හා මුහුදත් අතර ත්‍රිකොණාකාර භූමි ප්‍රදේශයේ මෙම බලකොටුව ඉදිකර තිබේ. මෙහි බැම්ම කළුගලින් හා හුණුගලින් නිර්මිතය. කොටුව තුළට පිවිසීමට ඉදිකර ඇති  දොරටුව අදටත් ආරක්ෂා වී පවතී. එකල මාතර කොටුව තුළ දිසාපති නිවස, පල්ලිය, කුරැඳු, පුවක් හා වෙඩි බෙහෙත් ගබඩාව මෙන්ම ඇත් ගාලක් ද  පැවතිණි. මාතර කොටුව තුළ දක්නට ලැබෙන ගොඩනැගිලි අතර වර්ෂ 1767 ට පෙර ඉදිකරන ලද කැණිමඩලකින් යුත් වහල සහිත ලන්දේසි පල්ලිය සුවිශේෂි වෙයි. වර්ෂ 1595 දී දොන් ජුවන් ධර්මපාල රජුගේ සහය යටතේ මාතර කොටුවක් ඉදිකළ බව සඳහන් වුව ද එය මෙම බල කොටුව නොවේ. මෙම බලකොටුව වර්ෂ 1645 දී ලන්දේසීන් විසින් ඉදිකරන ලද බල කොටුවකි.  වර්ෂ 1796 දී ලන්දේසීන් විසින් මෙම කොටුව බ්‍රිතාන්‍යයන්ට පවරා දෙන ලදහ .

No comments